ජනමාධ්‍ය ලේකම් හා ගුවන් විදුලියේ සභාපති කථානායක හමුවට

by Staff writer 05-12-2018 | 8:22 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව ලබන 12 වැනි බදාදා පස්වරු 1.00 දක්වා අද කල්තැබුණි.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා කථානායකවරයා විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා තිබුණි. ඊට හේතුවූයේ අද සභාවේ මතු වූ කරුණු කිහිපයක් ය. මේ අනුව අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක යන මහත්වරුන් කථානායකවරයා හමුවට කැඳවා තිබුණි. කථානායක කාර්යාලය නිවේදනය කළේ, පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ පූර්ණ ස්වාධීනත්වයෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී කථානායකවරයා පෙන්වා දුන් බවයි. පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාළ උපදෙස් නිකුත් කරන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එහිදී දන්වා තිබුණි.