ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමට සමුදීමට සැරසෙයි

ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමට සමු දීමට සැරසෙයි

by Staff writer 05-12-2018 | 10:08 AM
(News 1st) - ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. 37 හැවිරිදි ගෞතම් ගාම්බීර් 2003 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. ඉන් වසරකට පසුව ටෙස්ට් වරම් දිනූ ඔහු මේ දක්වා සහභාගී වී ඇති ටෙස්ට් තරග ගණන 58කි. ගාම්බීර් එහිදී ශතක 9ක් සහ අර්ධ ශතක 22ක් ද සමගින් ලකුණු 4154ක් රැස් කර ගෙන සිටින අතර අවසන් වරට ටෙස්ට් තරගයකට එක් වූයේ 2016 වසරේදී ය. එක්දින ජාත්‍යන්තර තරග 147කට එක් වූ ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ අතර 2011 ක්‍රිකට් ලෝක කිරුළ ඉන්දියාවට දිනා දීමට විශාල දායකත්වයක් ලබා දුන්නේ ය. පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 37කට ද ක්‍රීඩා කළ ගාම්බීර් පවසන්නේ, වසර 15කට අධික කාලයක් මව් රට වෙනුවෙන් සේවය කළ තමා ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ බව ය. එම ගමනේදී තම සාර්ථකත්වයට දායක වූ සියලු දෙනාටම ස්තුති වන්ත වන බව ද ගාම්බීර් පවසයි. රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආන්ද්‍රා ප්‍රදේශ් කණ්ඩායම නියෝජනය කරන ඔහු එම තරගාවලියේ හෙට ආරම්භ වන තරගයෙන් අනතුරුව ක්‍රිකට් පිටියට සමු දෙනු ඇති.