"ඛෂෝගිගේ ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධයි"

ඛෂෝගිගේ ඝාතනයට සල්මාන් කුමරු සම්බන්ධයි - සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්

by Staff writer 05-12-2018 | 11:28 AM
(News 1st) - සී.අයි.ඒ. ප්‍රධානී ජීනා හැස්පෙල්ගේ කරුණු දැක්වීමට සවන් දීමෙන් පසු සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනයට සම්බන්ධ වී ඇති බව අමෙරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පවසයි. ඔහු පවසන්නේ, සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඛෂෝගිගේ ඝාතනයට සම්බන්ධ බවට ඔහු දැඩිව විශ්වාස කරන බව ය. අමෙරිකානු සෙනෙට් සභිකයින්ගෙන් ඇතමකු පෙන්වා දෙන්නේ, සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු උමතු සහ දරුණු පුද්ගලයෙකු බව ය. ජමාල් ඛෂෝගිගේ ඝාතනයට ඔටුන්න හිමි කුමරු සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ සෞදි අරාබිය , ඊට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. මෙවැනි දරුණු ක්‍රියා පිළිනොගන්නා බවට අමෙරිකාව සෞදි අරාබියට පැහැදිලි පණිවුඩයක් යැවිය යුතු බව ද අමෙරිකානු සෙනෙට් සභිකයෝ වැඩිදුරටත් කියා සිටියහ.