"පවතින දේශපාලන අර්බුදය ඉදිරි දින 7 තුළ අවසන් කරනවා" - ජනපති

by Staff writer 04-12-2018 | 9:16 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත සම්මේලනයක් අද කොළඹදී පැවැත් විය.

මෙම විශේෂ නියෝජිත සම්මේලනය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පස්වරු 3.00 ට පමණ ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී පක්ෂයේ නිල පුවත් වෙබ් අඩවිය ද විවෘත කෙරුණි.