කථානායකගෙන් නිවේදනයක්...!

කථානායකගෙන් නිවේදනයක්...!

by Staff writer 04-12-2018 | 6:33 PM

COLOMBO (News 1st) - අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ පවතින ස්ථාවර නියෝග මත මෙතෙක් පාර්ලිමේන්තුව ගත් සෑම පියවරක්ම ගෙන ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඔහු කියා සිටින්නේ, කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ශක්තිමත් කිරීම හෝ දුර්වල කිරීම තම ක්‍රියා කලාපය තුළින් අපේක්ෂා නොකළ බවයි. හුදෙක් ප්‍රතිපත්තිමය කාරණා මත සෑම පියවරක්ම ගත් බව කථානායකවරයා සිය නිවේදනයෙන් අවධාරණය කරනු ඇත. කිසිවෙකු මෙම ක්‍රියා පටිපාටිය අනුමත නොකරන්නේ නම්, තමාට හා පාර්ලිමේන්තුවට අපහාස කිරීම වෙනුවට නීත්‍යානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදීව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තමා ඉවත් කළ යුතු බව මෙම නිවේදනයෙන් පෙන්වා දෙයි. කරූ ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, මීළඟ පාර්ලිමේන්තු දිනයෙන් පසු ප්‍රචණ්ඩත්වයෙන් තොරව පාර්ලිමේන්තුව යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු පක්ෂ නායකයින් වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි.