ඉන්ධන බද්ද අවලංගු කිරීමට ප්‍රංශ රජයෙන් පියවර

ඉන්ධන බද්ද අවලංගු කිරීමට ප්‍රංශ රජයෙන් පියවර

by Staff writer 04-12-2018 | 4:47 PM

සති ගණනාවක් පැවති ප්‍රචණ්ඩ විරෝධතාවලට මුල් වූ ඉන්ධන බද්ද අවලංගු කිරීමට ප්‍රංශ රජය සූදානම් වෙයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සහ ජීවන වියදම ඉහළයාමට එරෙහිව ප්‍රංශ වැසියන් නිරත වූ එම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස එරට ආර්ථික කටයුතු සහ ව්‍යාපාරික කටයුතු සඳහා ද දැඩි බලපෑමක් සිදු විය. ප්‍රංශ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ හේතුවෙන් වෙළෙඳාම්, හෝටල් ව්‍යාපාර, ගිමන්හල් ආදී කර්මාන්ත ක්ෂේත්‍ර කටයුතුවල ලාභාංශ 15% - 50% ත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බවයි. ජීවන වියදම සහ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් මීට සති දෙකකට පමණ පෙර සිට ජනතාව වීදි බැස විරෝධතාවයේ නිරත විය. ප්‍රංශ බලධාරීන් සඳහන් කළේ, අපේක්ෂා නොකළ අන්දමින් එම විරෝධතා ප්‍රචණ්ඩ සහ නොසන්සුන් තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවයි.