අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්

by Staff writer 04-12-2018 | 6:09 PM

COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මත්වරුන් ලබන 18 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. එම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇතිනම් එදිනට ලිඛිතව ගොනු කිරීමට පියවර ගන්නා ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී පැමිණිල්ල මෙහෙය වන නීතිපතිවරයාට නියෝග කළේ ය. මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී අයුතු ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 04 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.