by Staff writer 04-12-2018 | 2:05 PM
COLOMBO (News 1st) : පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරන බව මන්ත්‍රී උදය ගම්මන්පිල කියයි.
අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අද පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්න්පිල මහතා පවසයි.
උපරිමාධිකරණ සංකීර්ණයේදී නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේ ය.
ඊයේ රාත්‍රියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ අග්‍රාමාත්‍ය ධූරය ඇතුළු කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ සහ ඊට අදාළ තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව ද මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
මහ මැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනා දීම සදහාවු වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීම මේ මොහෙතේ වඩා අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍යවරයා ඇතුලු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුලු මන්ත්‍රීවරුන් 122 කු, කෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි, අභියාචානාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.