සා/ පෙළ විභාගය අද ඇරඹේ

සා/ පෙළ විභාගය අද ඇරඹේ

by Staff writer 03-12-2018 | 7:27 AM
COLOMBO (News 1st) : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ ‌වේ.  විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ, ඒ සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 56,641 ක් පෙනී සිටින බවයි. මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති. අද ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන්නේ එළඹෙන 12 වනදා ය. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, විභාග ශාලාවට ජංගම දුරකථන, ස්මාට් වොච් රැගෙන ඒම තහනම් බවයි. අද උදෑසන 8.30 ට විභාගය ආරම්භ වන අතර, අපේක්ෂකයින් උදෑසන 8 වන විට විභාග ශාලා වෙත පැමිණිය යුතු බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට පොලිසිය පියවර ගෙන තිබේ.