ලෝටස් වටරවුමේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාර

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 03-12-2018 | 3:24 PM

COLOMBO (News 1st) - කොළඹ කොටුව, ලෝටස් වටරවුමේ පැවති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය දෙසට ඇතුළුවීමට උත්සහ කිරිමේදී පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි. මේ අතර මේ වන විට පවතින විරෝධතා හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිත දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පැවසුවේ ය.