රනිල් අගමැති නොකරන බව ජනපති එ.ජා.ප යට දැනුම් දෙයි

පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළ ත් රනිල් අගමැති නොකරන බව ජනපති එ.ජා.පයට දැනුම් දෙයි

by Staff writer 03-12-2018 | 9:36 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර තමන්ට නිර්දේශ කළත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට නම් නොකරන බව ජනාධිපතිතුමා පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.