මාතර සිසු ඝාතනයේ සැකකරුවන් 10 වැනිදා තෙක් රිමාන්ඩ්

මාතර සිසු ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ්

by Staff writer 03-12-2018 | 5:36 PM

COLOMBO (News 1st) - මාතර, ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී පිහියකින් ඇණ සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරුවන් අද මාතර අතිරේක මහේස්ත්‍රත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් 17 හැවිරිදි වියේ පසුවන රිතියල, වල්ගම සහ නායිම්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඝාතනයේ ප්‍රධාන සැකකරු ජාතූන් කන්කානම්ගේ සිතිජ සෞන්දර්ය වන අතර සෙසු සැකකරුවන් වන්නේ, කුෂාන් නම් නජිත් සමරසිංහ දිසානායක සහ තුනුරු විමුක්ති ජයවීර නැමැති අයයි. පසුගිය දා උපකාරක පන්තියක් අසළදී 19 හැවිරිදි රසිදු ගිම්හාන් නමැති සිසුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූහ.