තලේබාන් ප්‍රධානියෙකු ඇෆ්ගනිස්ථානයේදී මරුදකී

තලේබාන් සන්නද්ධ ප්‍රධානියෙකු ඇෆ්ගනිස්ථානයේදී මරුදකී

by Staff writer 03-12-2018 | 2:10 PM
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ජ්‍යෙෂ්ඨ සන්නද්ධ ප්‍රධානියෙකු අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මුල්ලාහ් අබ්දුල් මනාන් නමැති මොහු තලේබාන් සංවිධානයේ ආණ්ඩුකාරවරයා සහ දකුණු හෙල්මන්ඩ් පළාතේ යුද ප්‍රධානියා ලෙස ක්‍රියා කර ඇති බවයි. තලේබාන් සංවිධානය පැවසුවේ, පසුගිය සෙනසුරාදා රාත්‍රියේ හෙල්මන්ඩ්හි නසාද් දිස්ත්‍රික්කයට එල්ල වූ ප්‍රහාරයෙන් මනාන් මියයාම සංවිධානයට විශාල පාඩුවක් බවයි‍ෙ කෙසේ වෙතත් ඇෆ්ගිනස්ථාන ස්වදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක නජීබ් ඩෙනිෂ් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, මනාන්ගේ මරණය තලේබාන් සංවිධානයට විශාල පහරක් බවත් ඔහුගේ ඝාතනය දකුණුදිග ඇෆ්ගනිස්ථානයේ තලේබාන් කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වයේ උද්යෝගය අඩු වීමට හේතුවක් වනු ඇති බවයි. වසර 8ක් තිස්සේ ස්ථානගත කර සිටි බ්‍රිතාන්‍ය සෙබළුන් 2014 වසරේදී හෙල්මන්ඩ් පළාතෙන් ඉවත් කර ගත් අතර මේ වනවිට හෙල්මන්ඩ් පළාතේ විශාල ප්‍රදේශයක් තලේබාන් කැරළිකරුවන්  ග්‍රහනයේ පවතී.