ජනපති TNA නියෝජිතයින් හමුවෙයි

by Staff writer 03-12-2018 | 7:51 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවිය.

දෙමළ සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩික්කලනාදන් හා ධර්මලිංගම් සිද්ධාර්ථන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම හමුවට එක් ව සිටියහ. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි විය. මේ අතර මෙම හමුව පැවැති අතර වාරයේ මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළේ ය. කෙසේ වෙතත් ඔවුන් දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවට එක් නොවු බව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පවසති.