ලොකු ළූණු සහ අර්තාපල් සඳහා ඇති බදු අඩුවෙයි

ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළට

by Staff writer 03-12-2018 | 6:18 PM

 COLOMBO (News 1st) - ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද සිට පහළ දමා තිබේ.

මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බවයි. ඒ අනුව ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 40.00 ක බද්ද රුපියල් 20.00 ක් දක්වා පහළ දමා ඇත. මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, දේශිය නිෂ්පාදන අවසන්වීම සහ උත්සව සමය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.