රන්ජන් රාමනායකට නොතිසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායකට නොතිසි

by Staff writer 03-12-2018 | 6:27 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබන 07 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා අද නොතිසි නිකුත් කර තිබේ.

ඒ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනි සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය හමුවට කැඳවන ලෙසට අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන ලේඛකාධිවරයාට දැනුම්දී ඇත. නීතිපතිවරයාටද දන්වා ඇත්තේ, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි. අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල රන්ජන් රාමනායක මහතාගේ අදාළ ප්‍රකාශය ඇතුළත් සී. ඩි පට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව නොතිසි නිකුත් කිරීමට ද තීරණය කර තිබේ.