අතුරු තහනම් නියෝගයට එකඟ වන්නේ නෑ - මහින්ද රාජපක්ෂ

"අතුරු තහනම් නියෝගයට එකඟ වන්නේ නැහැ" - මහින්ද රාජපක්ෂ

by Staff writer 03-12-2018 | 7:21 PM

COLOMBO (News 1st) - කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහුගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව හෙට දින ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ සහ ඊට අදාළ තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව නැවතත් අවධාරණය කරන බව එම නිවේදනයේ සඳහන් විය. මහ මැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනාදීම සඳහා වූ වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීම මේ මොහෙතේ වඩා අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනය