සා/පෙළ විභාගය හෙට ඇරඹෙයි

සා/පෙළ විභාගය හෙට ඇරඹෙයි

by Staff writer 02-12-2018 | 12:42 PM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භවීමට නියමිත වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පුජිත මහතා සඳහන් කළේ, මෙවර විභාගයට අපේක්ෂකයින් 656,641 ක් පෙනී සිටින බවයි. මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති. ලබන 12 වැනි දා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේදී විභාග ශාලාවට ජංගම දුරකතන, ස්මාට් වොච් රැගෙන ඒම තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.