අමෙරිකා - චීන ජනපතිවරුන් අතර හමුවක්

වෙළෙඳ යුද්ධය මැද අමෙරිකා - චීන ජනපතිවරුන් අතර හමුවක්

by Staff writer 02-12-2018 | 7:47 AM

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින්පින්ග් අතර හමුවක් සිදු ව තිබේ.

ඒ, ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරයි. දෙරටට වඩා යහපත් තේරීම අන්තර් සහයෝගීතාව බව චීන ජනාධිපති ෂි ජින්පින්ග් එහිදී ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, විශේෂ සබඳතාවක් පවත්වා ගැනීම දෙරටේම අනාගතයට වැදගත් වනු ඇති බවයි. ලොව විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන අමෙරිකානු සහ චීන නායකයින් දෙපළ අතර හමුව රාත්‍රී භෝජන සංග්‍රහයකින් අවසන් ව ඇත්තේ වෙළෙඳ යුද්ධය පිළිබඳ එකඟතාවකින් තොරව බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.