සෞදියේ රැකියා සඳහා ගිය ලාංකිකයින් පිරිසකට පීඩා

වැටුප් නොලැබීම හේතුවෙන් සෞදියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසකට පීඩා

by Staff writer 02-12-2018 | 7:01 AM

COLOMBO (News 1st) - මාස 06 ක් පුරා වැටුප් නොලැබීම හේතුවෙන් සෞදි අරාබියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලංකිකයින් පිරිසක් දුෂ්කරතාවයට පත් ව සිටි.

ඔවුන් පැවසූවේ, මේ හේතුවෙන් තම අඹු දරුවන් මෙන්ම ඥාතින් ද දැඩි පීඩාවට පත් ව සිටින බවයි. සෞදි අරාබියේ ජේ. එන්. පී නැමති පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක සේවය කරන මෙම පිරිස පවසන්නේ රජය මැදිහත්ව තමන්ට මෙම ස්ථානයෙන් අයවිය යුතු මුදල් ලබාදී දිවයිනට පැමිණීමට පහසුකම් සලස්වන ලෙසය. මේ පිළිබඳව සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අප විමසීමකදී ඔවුන් පැවසූවේ, ගැටලුව සම්බන්ධයෙන් සෞදි කම්කරු අමාත්‍යංශය දැනුවත් කර ඇති බවයි. ඔවුන් සමග සාකච්ඡා කර මෙම ගැටලුව කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.