සුනිල් ශාන්ත අත්අඩංගුවට ගැනීමට STF මෙහෙයුම්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් ශාන්ත අත්අඩංගුවට ගැනීමට STF මෙහෙයුම්

by Staff writer 02-12-2018 | 1:30 PM

COLOMBO (News 1st) - කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී පළාගිය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නැමති සැකකරු සැඟවී සිටිනා ප්‍රදේශය තහවුරු වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ වනවිට එම ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගත කර ඇති බවය. මේ අතර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය. පසුගිය 07 වැනි දා කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව සුනිල් ශාන්ත නැමැති සැකකරු පළාගොස් තිබුණි. සුනිල් ශාන්ත නැමත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇතුළු නඩු 10 ක සැකකරුවෙකි.