by Staff writer 02-12-2018 | 11:30 AM
COLOMBO (News 1st) - ප්‍රවීණ මාධ්‍යවේදීයෙකු ගේය පද රචකයෙකු මෙන් ම ලේඛකයෙකු වන ධර්මසිරි ගමගේ මහතාගේ 15 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ලබන 4 වැනි දා පස්වරු 2.30 ට සමරු උත්සවයක් පැවැත්වීමට නියමිත වේ.
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන එම උත්සවය නම් කර ඇත්තේ සිහින නෙළුම් මල ලෙසයි.
මහාචාර්ය කෝලිත භානු දිසානායක සහ මහාචාර්ය ප්‍රණිත් අබේසුන්දර යන මහත්වරුන් එහි ප්‍රධාන දෙසුම් පවත්වනු ඇති.
ආචාර්ය නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද දීපිකා ප්‍රියදර්ශනී, ජගත් වික්‍රමසිංහ, ජානක වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල් සහ සාරංග දිසාසේකර, සිහින නෙළුම් මල ගීතවත් කිරීමට සූදානම් වේ.
එහිදී ධර්මසිරි ගමගේ මහතාගේ ගුණ සමරුව නිමිත්තෙන් සංවිධාන කළ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරෙනු ඇති.
ඒ අනූව ජයග්‍රාහකයින්ගේ නිර්මාණ ඇතුළත් කාව්‍ය ග්‍රන්ථයක්, කෙටි කතා සංග්‍රහයක් සහ ළමා කතා පොත් දෙකක් ද එදිනට එළිදැක්වීමට නියමිතයි.
ප්‍රවීණ කලාශිල්පී බණ්ඩාර ඇහැළියගොඩ මහතා පූරක ලෙස කටයුතු කරන මෙම උත්සවයට ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැකිය.