දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක හිඟයක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 6000 ක හිඟයක්

by Staff writer 02-12-2018 | 9:29 AM

COLOMBO (News 1st) - සේවක හිඟයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග නඩත්තු කිරීම ඇතුළු සේවා ගණනාවක් විධිමත් ලෙස පවත්වාගෙන යාමට බාධා මතුව තිබේ.

අප කළ විමසීමකදී දුම්රිය සාමන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සේවකයින් 20,000 ක් අවශ්‍ය බවයි. එහෙත් දැනට සිටින්නේ සේවකයින් 14,000 ක් පමණක් බව ද ඔහු සඳහන් කළේ ය. මෙම හිඟය දැඩිව බලපා ඇත්තේ මාර්ග පද්ධතියේ නඩත්තු කටයුතුවලට හා දුම්රිය ස්ථානවල නඩත්තු කටයුතු සඳහායි. ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ මෙන්ම උඩරට මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා ප්‍රමාණවත් සේවකයින් ලබාදීමට හැකිව නැත. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ, දුම්රිය තාක්ෂණික සහයක සේවකයින් දීප ව්‍යාප්ත පදනමින් බඳවා ගැනීමෙන් මෙම තත්ත්වයට පිළියම් ලැබෙන බවයි. මේ පිළිබඳව විෂයභාර අමාත්‍යංශය දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියේ ය.