ජනපති අද එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හමුවෙයි

ජනපති හා එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර තව ත් සාකච්ඡාවක්

by Staff writer 02-12-2018 | 7:17 AM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණු නියොජිතයින් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත වේ.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා සඳහන් කළේ, පෙරේදා රාත්‍රියේ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ නියෝජිත කණ්ඩායම අද දිනයේ සාකච්ඡා සඳහා සහභාගි වන බවයි. පෙරේදා සාකච්ඡාවේදී ඇතිකර ගත් එකඟතාවයන් පිළිබඳව අද පැවැත්වෙන සකාච්ඡාවේදී ගැඹුරින් සලකා බැලීමට නියමිත අතර ඉන් අනතුරුව පවතින දේශපාලන අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පැවසුවේ ය.