ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 02-12-2018 | 6:24 AM

දේශිය පුවත්

1. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අත්සන් පනස් ලක්ෂයක පෙත්සමක්: කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා අත්සන් පනස් ලක්ෂයක පෙත්සමකට අත්සන් තැබීම පැවිදි හඬ සංවිධානයේ මෙහෙය වීමෙනි සිදු කෙරිණි. 2. ජනාධිපති ළඟදීම තීන්දුවක් ගනීවි – ආර්. සම්බන්ධන්: ඊයේ රාත්‍රියේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. 3. වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට: මඩකලපුව, වව්නතිව් පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබේ. 4. ත්‍රිරෝද රථ ගාස්තු පහළ දමයි: ත්‍රිරෝද රථ ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් පහළ දමා තිබේ. 5. උඩවලව වනෝද්‍යානයේ ඇතෙකු වෙඩි තබා ඝාතනය කෙරේ: උඩවලව වනෝද්‍යානයේ උඩවලව ජලාශයට ආසන්න ප්‍රදේශයේදී ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. 6. එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ යුක්තියේ යාත්‍රාව ගමන් අරඹයි: ජනතා අයිතිවාසිකම් සුරකින ලෙසට බල කරමින් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ රථ පෙළපාලියක් කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් ගමන් ආරම්භ කර තිබේ.

විදෙස් පුවත්

7. අමෙරිකානු හිටපු ජනපති ජෝර්ජ්. එච්. ඩබ්ලිව්. බුෂ් අභාවප්‍රාප්ත වෙයි: අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් අභාවප්‍රාප්ත විය.