යුක්තියේ යාත්‍රාව අද මහියංගනයට...

එ.ජා.ප.යේ යුක්තියේ යාත්‍රාව අද මහියංගනයට

by Staff writer 02-12-2018 | 7:37 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය කොළඹින් ආරම්භ කළ යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය අද කතරගම ඔස්සේ මහියංගනයට ළඟාවීමට නියමිතයි.

යුක්තියේ යාත්‍රාව අද ගමන් ආරම්භ කරනු ඇත්තේ වැව්රුකන්නල රජමහා විහාරය අසළිනි. ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු යන්න තේමා කරගනිමින්, යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය ඊයේ පෙරවරුවේ කොළඹ මහ නගර සභාව ඉදිරිපිටින් ආරම්භ වූ අතර මොරටුව, කළුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල පසුකරමින් රථ පෙළපාලිය ඊයේ රාත්‍රියේ මාතර නගරයට ළඟා විය. එහිදී පිරිස ජන හමුවකට ද එක්විණි.