G 20 සමුළුව අතරතුර ත්‍රෛයි පාර්ශවික සකච්ඡාවක්

G 20 සමුළුව අතරතුර ත්‍රෛයි පාර්ශවික සකච්ඡාවක්

by Staff writer 01-12-2018 | 8:24 AM

ඉන්දිය, ජපන් සහ අමෙරිකානු රාජ්‍ය නායකයින් ත්‍රෛයි පාර්ශවිය සාකච්ජාවක නිරතවී තිබේ.

ඒ, ආර්ජන්ටනාවේ බුවර්නොස් අයර්ස් නුවරදි පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දිගු කාලයකට පසුව ජපන් අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ, අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙලෙස හමුවී ඇති බවයි. ලෝක සාමය, ආර්ථික නවිකරණය, නිදහස් සහ විවෘත වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සහ ඉන්දු පැසිෆික් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ආදි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන් වේ. මෙම හමුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර ඇත්තේ, ජාතින් අතර සමෘද්ධිය සහ හවුල්කාරිත්වය ඇති කර ගැනීමට මෙම හමුව ආරම්භයක් වූ බවය. ‍ඉන්දීය, අමෙරිකානු සහ ජපන් රාජ්‍ය නායකයින් අතර මෙම හමුව ගොඩනැගෙමින් පවතින ලෝක දේශපාලන වාතාවරණයේ තව ත් එක් පැතිකඩක් නිරුපණය කරන බව දේශපාලන විචාරකයින් මත පළ කළහ.