හිමිනමකට පහර දුන් නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

හිමිනමකට පහර දුන් මහරගම නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

by Staff writer 01-12-2018 | 4:34 PM
COLOMBO (News 1st) - මහරගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ අදාළ හිමි නම හා තවත් හිමිනමක් වැඩ විසූ කුටියකට ඇතුළු වී එහි තිබූ භාණ්ඩ පිටතට ඇද දමා මෙම පහර දීම කර ඇති බව ය. තුවාල ලැබූ හිමිනම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.