හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම අත්නොහැර යන බව කියයි

හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම අත්නොහැර යන බව කියයි

by Staff writer 01-12-2018 | 11:49 AM

COLOMBO (News 1st) - තමා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම සඳහා අයැදුම්පත් යොමු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, තමා බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම සඳහා අයැදුම්පත් යොමු කර ඇති බවට පළ වන වාර්තා චන්දික හතුරුසිංහ මහතා ප‍්‍රතික්ෂේප කරන බවයි. එම වාර්තා අසත්‍ය බවට ඔහු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනු ඇත. ඒ අනුව ඉදිරියේදී ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමග කටයුතු කිරීමට තමා සූදානම් බව චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයැදුම් කර ඇති බව ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය පසුගිය දා වාර්තාකර තිබුණි.