ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරයින් දිවයිනට

by Staff writer 01-12-2018 | 10:00 AM
COLOMBO (News 1st) - 2018 ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණියේ ය. පළමු වරට පැවති ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතාව දිනා ගත්තේ, අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 36කින් පරාජය කරමිනි. ඔවුන් පිළිගැනීමේ උත්සවයක් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී පැවැත්විණි. 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව සහ 2014 පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් කිරුළ ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් ලැබූ ජයග්‍රහණයක් ලෙස මෙය ඉතිහාසයට එක් වේ.