රට පාවාදීමට ඇතැම් දේශපාලඥයින් උත්සහා කරනවා

විදේශීය චින්තනයන්ට වැඩ කරන ඇතැම් දේශපාලඥයින් රට පාවාදීමට උත්සහා කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

by Staff writer 01-12-2018 | 7:48 AM

COLOMBO (News 1st) - විදේශීය චින්තනයන්ට හා න්‍යාය පත්‍රවලට වැඩ කරන පිරිස් නැවතත් රට පාවාදීමට ඇතැම් දේශපාලඥයින් උත්සහා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් සපිරීමේ ජාතික සැමරුම් උත්සවයයට ඊයේ එක්වෙමිනි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ උත්සවය පැවැත් විය. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මැති ඇමතිවරුන් අතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූ අතර 1818 ඌව වෙල්ලස්ස සටන පිළිබඳ ලියැවුනු ග්‍රන්ථ දෙකක් ද මෙහිදී ජනාධිපතිතුමාට පිළිගන්වා තිබේ.