පොලිස් නිලධාරීන් 2891 දෙනෙකුට උසස්වීම්

පොලිස් නිලධාරීන් 2891 දෙනෙකුට උසස්වීම්

by Staff writer 01-12-2018 | 10:33 AM

COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන් 2891 දෙනෙකු විවිධ තනතුරුවලට උසස් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පසුගිය සති කිහිපයේ පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව මෙම පිරිසට උසස්වීම් ලබාදුන් බවයි. ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන් 1783 දෙනෙකු පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇත. සැරයන් ධූරයට උසස් කළ පිරිස අතර පොලිස් කොස්තාපල්වරියන් 334 දෙනෙකු ද වේ. පොලිස් සැරයන් තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 553 කි. ඒ අතර සැරයන්වරියන් 76 දෙනෙකු වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. නිවේදයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පැවසුවේ, පොලිස් කොස්තාපල් රියැදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියැදුරු තනතුර සඳහා නිලධාරීන් 124 දෙනෙකු උසස් කර ඇති අතර සැරයන් රියැදුරු තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක ප්‍රවාහන රියැදුරු තනතුර දක්වා නිලධාරීන් 21 දෙනෙකු උසස් කර ඇති බවයි.