by Staff writer 01-12-2018 | 8:50 PM
COLOMBO (News 1st) - කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා අත්සන් පනස් ලක්ෂයක පෙත්සමකට අත්සන් තැබීම අද සිදු කෙරිණි.
ඒ, පැවිදි හඬ සංවිධානයේ මෙහෙය වීමෙනි.
මෙලෙස අත්සන් පනස් ලක්ෂයක පෙත්සමට අත්සන් තැබීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ, දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේදී පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ය.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී ද අත්සන් පනස් ලක්ෂයක පෙත්සමට අත්සන් තැබුණු අතර ඊට විශාල පිරිසක් එක්වූහ.
කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් මාතර බෝ සමිඳුන් අභියසදී ද පෙත්සමට අත්සන් තැබිණි.
මේ අතර සීනිගම දේවාලයේදී පැවති ආගමික වතාවත්වලින් අනතුරුව අත්සන් පනස් ලක්ෂයේ පෙත්සමට අත්සන් කෙරුණු අතර විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.