by Staff writer 01-12-2018 | 8:14 PM
COLOMBO (News 1st) - ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක් වුවද රටේ ජනතාවගේ තීරණය විමසීම වඩාත් වැදගත් බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ, අද බණ්ඩාරගම පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනි.
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දකුණු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පුජ්‍ය පොල්වත්තේ පඤ්ඤානන්ද හිමි පිළිගැනීමේ උත්සවය අද බණ්ඩාගාරගම මිල්ලනිය ශ්‍රී දේවරක්ෂිතාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
මේ අවස්ථාවට කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියහ.