by Staff writer 01-12-2018 | 3:56 PM
COLOMBO (News 1st) - ත්‍රිරෝද රථ ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් පහළ දමා තිබේ.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කළ ගාස්තුව රුපියල් 60 සිට රුපියල් 50 දක්වා අඩු කළ බව ය.
ඉන්ධන මිල කිහිප වරක් අඩුවීම හේතුවෙන් එහි වාසිය පාරිභෝගිකයින්ට ලබා දීම තම සම්මේලනයේ අරමුණ බව ද ඔහු පැවසුවේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු ත්‍රිරෝද ගාස්තු මිල පහළ නොදමන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ලබන සඳුදා ඉල්ලීමක් කරන බව ය.