ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 01-12-2018 | 6:29 AM

දේශීය පුවත්

1. “පවතින දේශපාලන අර්බුදය විසඳ ගන්නවා” – ජනපති: පවතින දේශපාලන අර්බුදය විසඳා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ජනපති හමුවෙයි: දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ජනපති හමුවීමට ජනාධිපති කාර්යාලයට පැමිණ තිබේ. 3. පාර්ලිමේන්තුවේදී මහින්ද රනිල් හමුවෙයි: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය. 4. වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ: මාර්ග බාධකයක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මඩකලපුව, වව්නතිව් බලා පිටත්ව ගොස් ඇත. 5. සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් අද සිට පහළට: සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00 කින් අඩුකර තිබේ. 6. ආණ්ඩුවට එරෙහිව ගෙන ආ තව ත් යෝජනාවක් ඡන්ද 122කින් සම්මතයි: අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ජනරජයේ මුදල් කිසිදු ලේකම්වරයෙකුට අනුමත කළ නොහැකි බවට වන යෝජනාවක් ඡන්ද 122 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

විදෙස් පුවත්

7. ට්‍රම්ප්, පුටින් හමුවීම හදිසියේ අවලංගු කරයි: අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හමුවීමට තිබූ සැලසුම හදිසියේ අවලංගු කර තිබේ.