Inside Sports 2018 සිල්ක් සම්මානයෙන් පිදුම් ලබයි

Inside Sports 2018 සිල්ක් සම්මානයෙන් පිදුම් ලබයි

by Hashini De Mel 30-11-2018 | 10:15 PM

COLOMBO (News 1st) - Sports1st නිෂ්පාදනය කරන Inside Sports වැඩසටහන අද පැවැති 2018 සිල්ක් සම්මාන උළෙලෙදී සම්මානයට පාත්‍ර විය.

ඒ, වසරේ විශිෂ්ඨතම ක්‍රීඩා වැඩසටහන ලෙසයි. සිව්වැනි වරට සිල්ක් සම්මාන උළෙල අද පස්වරුවේ බණ්ඩාරනායන අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත් විය. මෙහිදී තරගකාරී මාධ්‍ය ආයතන රැසක් අභිබවමින් වසරේ විශිෂ්ඨතම ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය Inside Sports වැඩසටහනට හිමි වූ අතර සම්මානය ලබා ගත්තේ Sports1st කළමනාකරු මංජු තේනුවරයි. මේ අතර ක්‍රීඩාව දිරිගැන්වීම සඳහා සිනමාවෙන් දැක් වූ දායකත්වයට MTV චැනල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කළ උදුම්බරා චිත්‍රපටය සම්මානයට පාත්‍ර විණි. සම්මානය ලබා ගත්තේ, චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කේ. එස්. චමන්ත්රාජ් මහතායි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ මාධ්‍යවේදීන් රැසක් මෙම සම්මාන උළෙලේදී ඇගයිමට ලක් කෙරුණි.