ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

by Staff writer 30-11-2018 | 5:52 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව පළමු වරට පැවැති ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද දිනා ගෙන තිබේ.

ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත් විය. එහි අවසන් මහා තරගය අද පැවැත් වුණේ, සත්කාර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 145 ක් රැස් කළේ ය. එම ඉලක්කය හඹා ගිය ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට පන්දුවාර 17 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 109 ක් පමණි. ඒ අනුව ලකුණු 36 කින් අවසන් තරග ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය.