by Staff writer 30-11-2018 | 5:02 PM
COLOMBO (News 1st) - මාර්ග බාධකයක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු විශේෂ කණ්ඩායමක් මඩකලපුව, වව්නතිව් බලා පිටත්ව ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ද එම කණ්ඩායමට ඇතුළත් බවයි.
ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තව ත් නිලධාරීන් පිරිසක් ද ඊට අයත් වේ.
අදාළ නිලධාරීන් දෙදෙනා ඊයේ පස්වරු 6.00 පමණ සිට වව්නතිව් ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටියහ.
පසුව අද උදෑසන එම ස්ථානයේ තිබී ඔවුන්ගේ මළ සිරුරු සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මිය ගොස් ඇත්තේ ගාල්ල උඩුගම සහ කල්මුණේ ප්‍රදේශවල පදිංචි 35 හැවිරිදි සහ 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.