by Staff writer 30-11-2018 | 5:30 PM
COLOMBO (news 1st) - දිගන ඔරුතොට ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් සිය බිරිඳට පිහියකින් ඇන වික්ටෝරියා ජලාශයට පැන සියදිවි හානි කරගෙන ඇත.
මෙලෙස මියගෙස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි.
පවුල් ආරවුල්ක්මත සිය 37 හැවිරිදි බිරිඳට මොහු පිහියකින් ඇණ ජලාශයට පැන ඇත්තේ ඊයේ උදෑසනයි.
නාවික හමුදාව කළ මෙහෙයුකින් අනතුරුව අද උදෑසන මළ සිරුර සොයාගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් බවයි.
දරුවන් දෙදෙනා 16 සහ 12 වැනි වියේ පසුවන පිරිමි දරුවන්ය.
පිහිපහරට ලක් වූ කාන්තාව මේ වන විට බරපතළ තුවාල ලබා මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබනු ඇති.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසියේ මූලිකත්වයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.