ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 30-11-2018 | 6:57 AM
COLOMBO (News 1st)  1. එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් යුත් රජයක් යළි පිහිටුවීම සඳහා තම පූර්ණ සහය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිතුමාට දැනුම් දී තිබේ. 2. වසීම් තජුඩීන්ගේ මරණය සිදු වී ඇත්තේ මාරක රිය අනතුරකින් නොව මිනීමැරුමකින් බවට අධිකරණය විසින් නිගමනය කර ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ පෙන්වා දුන්නේ ය. 3. අද පස්වරුවේ විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එකඟ වී ඇතැයි කථානායක කාර්යාලය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ ය. 4. පවතින අර්බුදය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර විසඳීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය. 5. යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ඕලන්ද ඇළට පෙරළීමෙන් කාන්තාවන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ක්‍රීඩා පුවත් 6. ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයැදුම් කර ඇති බව ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.