ආණ්ඩුවට එරෙහිව තවත් යෝජනාවක් සම්මත වෙයි

ආණ්ඩුවට එරෙහිව ගෙන ආ තවත් යෝජනාවක් ඡන්ද 122කින් සම්මතයි

by Staff writer 30-11-2018 | 12:24 PM
COLOMBO (News 1st) - අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ජනරජයේ මුදල් කිසිදු ලේකම්වරයෙකුට අනුමත කළ නොහැකි බවට වන යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතායි. ඒ අනුව එම යෝජනාව ඡන්ද 122කින් සම්මත විය. මේ අතර අදත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාව වර්ජනය කළහ. සභාවාරය පැවැත්වෙන අතරතුර ඔවුන් පාර්ලිමේන්තුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබිණි. මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත ය.