අම්පාරෙත් සිසු ගැටුමක්...

අම්පාරේ සිසු ගැටුමක්, තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 30-11-2018 | 3:32 PM

COLOMBO (News 1st) - අම්පාර උහන ප්‍රදේශයේ පාසලක ගැටුමකට සම්බන්ධ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පාසල පැවැත්වෙන කාලසීමාව තුළදී ගැටුම හටගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සිසුන් සතුව තිබී බයිසිකල් චේන් කිහිපයක් ද සොයා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.