සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

කර්තෘ Staff writer

30 Nov, 2018 | 3:26 pm

COLOMBO (News 1st) – සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00 කින් අඩුකර තිබේ.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මේ බව සඳහන් කළේ, දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 135.00 ක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159.00 ක් වනු ඇති.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106.00 ක් වේ.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල 131.00 කි.

භූමිතෙල් මිල ගණන් වෙනසක් නොවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]