වී අළෙවි මණ්ලයෙන් අද සිට වෙළෙඳපොළට සහල්

වී අළෙවි මණ්ලයෙන් අද සිට වෙළෙඳපොළට සහල්

by Staff writer 29-11-2018 | 9:02 AM

COLOMBO (News 1st) - වී අළෙවි මණ්ඩලය ප්‍රථම වරට සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම අද සිදු කෙරෙනු ඇති.

පී. එම්. ඩී සහල් ලෙස නිකුත් කෙරෙන මෙම සහල් ලක් සතෙස සමූපකාර හා වරලත් වෙළෙඳසැල් මගින් ලබාගත හැකියි. වී අළෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේ, පළමු අදියරේදී වී මෙට්‍රික් ටොන් 4,000 ක් සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කරන බවයි. ඒ අනුව කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 83.00 කටත් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 85.00 ක මිලකටත් පාරිභෝගික ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.