by Hashini De Mel 29-11-2018 | 6:47 AM
COLOMBO (News 1st) - ලබන වසරේ පෙබරවාරි මාසය අවසන්වීමට පෙර සියලු පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය සමයේ ක්‍රියාත්මක වූ නිල ඇඳුම් තිළිණ පත් වෙනුවට යළි ත් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමට පසුගිය 22 වැනි දා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බවයි.
ඒ අනුව නිල ඇඳුම් රෙදි ලබාදීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇත.
අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, නිල ඇඳුම් තිළිණ පත් ලබාදීමේ ක්‍රමවේදය හේතුවෙන් රජයට රුපියල් මිලියන 550 කට අධික මුදලක් අතිරේකව වැය කිරීමට සිදු වූ බවයි.
මීට අමතරව දේශීය නිෂ්පාදකයින්ගෙන් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීම නවත්වා තිළිණ පත් ලබාදීම හේතුවෙන් රුපියල් මිලියන 1000 කට අධික ප්‍රමාණය විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුවූවා සේම දේශීය කර්මාන්තකරුවන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදූ වූ බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
මේ අතර හිටපු අමාත්‍යවරයාගේ ඡායාරූපයක් හා පණිවුඩයක් පෙළ පොත්වල සඳහන් වුවද දැනට මුද්‍රණය කර ඇති පෙළ පොත් රඳවා ගැනීමකීන් තොරව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ය.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය පැවසුවේ, මේ වනවිට විට ලබන වසරට අදාළ පෙළ පොත්වලින් 87% ක් පාසල්වලට බෙදා හැර ඇති බවයි.
ඉතිරි 13 % අද හා හෙට පාසල් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
2019 වසරට අදාළ පෙළ පොත් මිලියන 39.4 ක් මුද්‍රණය කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශය කළේ ය.