පොලිස් අධිකාරීවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරු

පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරු

by Staff writer 29-11-2018 | 11:39 AM

COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 44 දෙනකු ස්ථාන මාරු කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඒ අතර පොලිස් අධිකාරිවරුන් 6 දෙනෙකු වන බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලැබුණු අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් කළ බව පොලිස් මූලස්ථානය පැවසුවේ ය. මීට පෙර මේ ආකාරයටම පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු කරනු ලැබූ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථාන මාරු අත්හිටවනු ලැබුවේ ය.