පුද්ගල ඝාතනයකට වරදකරු වූ 4 දෙනෙකුට මරණ දඬුවම

පුද්ගල ඝාතනයකට වරදකරු වූ 4 දෙනෙකුට මරණ දඬුවම

by Staff writer 29-11-2018 | 5:27 PM
COLOMBO (News 1st) - පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ 4 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. එලෙස දඬුවම් නියම වූයේ, 1996 වසරේ පෙබරවාරි මස 16 වන දින දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. කොළඹ මහාධිකරණයේ පුර්වගාමී විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙම මරණ දඬුවම නියම කළේ, මිරිහාන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් 4 දෙනෙකුට ය. මේ අතර හෙරොයින් ග්‍රෑම් 37 යි මිලිග්‍රෑම් 760ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණයේ පුර්වගාමී විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද මරණ දඬුවම නියම කළේ ය. 2013 අප්‍රේල් මස 10 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.