තෙල් මිල විෂමතාව ඉවත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

තෙල් මිල විෂමතා ඉවත් කර සමාන මිලක් ඇති කිරීමට අගමැතිගෙන් විෂය භාර ඇමතිට උපදෙස්

by Staff writer 29-11-2018 | 10:35 PM
COLOMBO (News 1st) - තෙල් මිල විෂමතා ඉවත් කර සමාන මිලක් ඇති කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ. අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේ, ඉන්දීය තෙල් සමාගමට අයත් තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් සමග අද පෙරවරුවේ අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවති හමුවකදී ය. මේ අවස්ථාවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ. මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ වතු කම්කරු සංගම් නියෝජිතයින්, වතු හාම්පුතුන් අතර සාකච්ජාවක් ද අද පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, දෛනික වැටුප වැඩි කර ගැනීම පිළිබඳව වතු කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගෙන 3 වන දා වන විට තමන්ට දැනුම් දෙන ලෙස ය. මේ අවස්ථාවට කන්ද උඩරට නව ගම්මාන හා යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.