එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් යුත් රජයක් යළි පිහිටුවීම සඳහා තම පූර්ණ සහය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිතුමාට දැනුම් දී තිබේ.
ඔවුන් මේ බව දන්වා ඇත්තේ, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් ජනාධිපතිතුමා වෙත ලිපියක් යවමිනි.
දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ, පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණේ අයෙකු ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව අග්රාමාත්ය ධූරයට පත් කරන ලෙස ය.
ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා ගත් තීරණයක් අනුව එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ ආණ්ඩුව ඉවත් කර පොදුජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවක් පත් කළේය.
